පසුගිය ජූනි 30 වන විට මෙරට සමස්ත රාජ්ය ණය ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්රිලියන 32.977 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්යාංශයේ රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
එයින් මධ්යම රජයේ ණය ප්රමාණය පමණක් රුපියල් ට්රිලියන 31.999ක් (ඩොලර් බිලියන 95.047ක්) වන අතර, දේශීය ණය ඩොලර් බිලියන 57.039ක් සහ විදේශ ණය ඩොලර් බිලියන 38.008ක් ලෙස සටහන් වේ. ද්විපාර්ශ්වික ණයහිමියන් අතුරින් චීනයට ඩොලර් බිලියන 5.006ක්ද, ජපානයට ඩොලර් බිලියන 2.272ක්ද, ඉන්දියාවට ඩොලර් මිලියන 853.9ක්ද වශයෙන් ණය ගෙවීමට ඇත. 2026 වසරේ දෙවන කාර්තුව අවසානය වන විට මෙරට සමස්ත ණය සේවා ගෙවීම් ප්රමාණය රුපියල් බිලියන 2,698.6ක් වන අතර, රටවල් 13ක් සමඟ තවමත් ණය ප්රතිව්යුහගත කිරීමේ සාකච්ඡා සිදුවෙමින් පවතින බව ද අදාළ වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.
















