රටේ දේශපාලනය, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු අංශවල පරිවර්තනයක් සිදුවිය යුතු බව අමාත්‍ය උපාලි පන්නිල මහතා පවසයි. සිවිල් සංවිධාන ජාතික එකමුතුවේ නියෝජිතයන් සමඟ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය හා අධීක්ෂණය පිළිබඳ නව පනත සම්බන්ධයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
වර්තමාන රජයට ජනවරමක් ලැබී ඇත්තේ රටේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට බවත්, පොදුවේ වෙනස් වීමට අකමැත්තක් සැවොම තුළ පවතින බවත් ඔහු සඳහන් කළේය. නව පනත මඟින් සිවිල් සංවිධානවල සමාජ සේවා කටයුතුවලට බාධා ඇතිවිය හැකි බව සිවිල් සංවිධාන නියෝජිතයන් මෙහිදී පෙන්වා දුන් අතර, සංවිධාන නියාමනයට විරුද්ධත්වයක් නොමැති වුවද සියලුම සංවිධාන එක හා සමානව අධීක්ෂණයට ලක් කිරීමට උත්සාහ කිරීම පිළිබඳව ඔවුන් තම නිරීක්ෂණ ඉදිරිපත් කළහ.
අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස් සැලකිල්ලට ගැනීමට සහ ඒ පිළිබඳව විවෘත සංවාදයක නිරත වීමට රජය සූදානම් බවයි. වසර 46ක් පැරණි 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය විය යුතු බවත්, සිවිල් සංවිධානවල ක්‍රියාකාරීත්වයට බාධා කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න විතානගේ මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර, මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක සහ අධ්‍යක්ෂ ලසඳමාලා මුහන්දිරම්ගේ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.















