ජාඇල, පමුණුගම එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් රළ පහරට හසුවී අතුරුදන්ව සිටි 13 හැවිරිදි පිරිමි දරුවාගේ මළසිරුර ද සොයාගෙන තිබේ.
ඊයේ (30) පස්වරුවේ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී කාන්තාවක්, ඇයගේ දියණිය සහ තවත් දරුවන් දෙදෙනෙකු මෙලෙස දිය ගිලී අතුරුදන් විය. අද (31) උදෑසන වන විට 35 හැවිරිදි කාන්තාවගේ සහ අවුරුදු 04 හා 12 යන වයස්වල පසුවූ ගැහැණු ළමයින් දෙදෙනාගේ මළසිරුරු සොයාගැනීමට පොලිසිය ඇතුළු ප්‍රදේශවාසීන් සමත් වූ අතර, පසුව සිදුකළ සෙවීම්වලදී අතුරුදන්ව සිටි අනෙක් පිරිමි දරුවාගේ සිරුර ද හමු විය. මේ අනුව මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇත.













