ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය අවසන් කිරීමේ අරමුණින් එරට ප්‍රබලතම දේශපාලන ප්‍රතිවාදීන් දෙදෙනෙකු වන නෆ්තාලි බෙනට් සහ යාර් ලැපිඩ් ඉදිරි මැතිවරණය සඳහා සන්ධානගත වීමට තීරණය කර තිබේ.
හිටපු අග්‍රාමාත්‍යවරුන් වන දක්ෂිණාංශික නෆ්තාලි බෙනට් සහ මධ්‍යස්ථවාදී යාර් ලැපිඩ් විසින් සිය පක්ෂ ඒකාබද්ධ කරන බව ඊයේ (26) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නව සන්ධානය “Together” (එක්ව) ලෙස නම් කර ඇති අතර එහි නායකත්වය නෆ්තාලි බෙනට් විසින් දරනු ලබයි.
“ඊශ්‍රායලය දැන් ගමන් කරන දිශාව වෙනස් කළ යුතුයි,” යනුවෙන් යාර් ලැපිඩ් ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. දශක තුනකට පසු නෙතන්යාහුගෙන් සමුගෙන ඊශ්‍රායලයට නව පරිච්ඡේදයක් විවෘත කිරීමට කාලය එළඹ ඇති බව නෆ්තාලි බෙනට් මෙහිදී අවධාරණය කළේය.
නවතම මහජන මත විමසුම්වලට අනුව, මේ වසර අගදී පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් නෙතන්යාහු ප්‍රමුඛ සභාග රජය පරාජයට පත්වනු ඇති බවට අනාවැකි පළ වී තිබේ. මීට පෙර 2021 වසරේදී ද මෙම නායකයින් දෙදෙනා එක්ව නෙතන්යාහු පාලනය බිඳ දැමීමට සමත් විය.
නෙතන්යාහුගේ දීර්ඝකාලීන දේශපාලන ආධිපත්‍යයට මෙම නව සන්ධානය ප්‍රබල අභියෝගයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.














