කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මත්ද්‍රව්‍ය කිලෝ 110කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිස සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (27) අවධාරණය කළේය.
වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ තම රජය බලයට පත් වූ දින සිට නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගල තරාතිරම සලකා නොබලන බවයි. “දුබලයාට එක් නීතියක් සහ ප්‍රබලයාට තවත් නීතියක් ක්‍රියාත්මක වීමට ඉඩක් නැත” යනුවෙන් ඔහු මෙහිදී පවසා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ද සැලකිල්ලට ගනිමින් නීත්‍යානුකූලව ගත යුතු උපරිම පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රට පුරා ක්‍රියාත්මක වන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළෙහි තවත් එක් සාර්ථක පියවරක් ලෙස මෙම වැටලීම හඳුන්වා දුන් අමාත්‍යවරයා විමර්ශනවලින් අනාවරණය වන තොරතුරු මත ඉදිරි පියවර ගන්නා බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














