ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව සඳහා නවීන පන්නයේ ‘මොගාමි’ (Mogami) වර්ගයේ යුද නැව් 11ක් ලබාගැනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර බහුවිධ බිලියන ගණනක දැවැන්ත ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙම ගිවිසුමට අනුව ජපානයේ මිට්සුබිෂි (Mitsubishi Heavy Industries) සමාගම විසින් මුල් යුද නැව් තුන නිෂ්පාදනය කර ලබාදීමට නියමිත අතර, ඉතිරි නැව් අට ඕස්ට්‍රේලියාවේදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය අනුගමනය කළ සාමකාමී විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂක අපනයන සීමාවන් ලිහිල් කිරීමෙන් පසු එළඹි මෙම සුවිශේෂී එකඟතාව, ආසියා-පැසිෆික් කලාපයේ ආරක්ෂක උපාය මාර්ගයන්හි විශාල හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින ඉරාන යුද අර්බුදය හමුවේ ඇමරිකානු ආරක්ෂක සැපයුම් සීමා වී ඇති පසුබිමක, ඉන්දු-පැසිෆික් කලාපයේ රටවල් සිය ආරක්ෂක අවශ්‍යතා සඳහා ජපානය දෙසට වැඩි වැඩියෙන් යොමු වෙමින් පවතී. මෙම ‘මොගාමි’ යුද නැව් ව්‍යාපෘතිය හරහා ඕස්ට්‍රේලියාව කලාපීය ආරක්ෂක සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට ද අපේක්ෂා කෙරේ.














