දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මඟින් පවසයි. විශේෂයෙන්ම පස්වරු කාලයේදී මෙම වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන් එළිමහන් ස්ථානවල සහ උස ගස් යට රැඳී සිටීමෙන් වළකින ලෙසත්, විද්‍යුත් උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් වැඩිදුරටත් දැනුම් දෙයි.














