2019 වසරේ අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ අහිංසක ජනතාව සිහිකිරීම වෙනුවෙන් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවරදී විශේෂ සැමරුම් වැඩසටහනක් පවත්වා තිබේ.
ලොස් ඇන්ජලීස් හි ශාන්ත බර්නාබස් (St. Barnabas) දේවස්ථානයේදී මෙම සැමරුම පැවැත්වුණු අතර ඒ සඳහා කැලිෆෝනියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මියගිය අය වෙනුවෙන් පින් පැමිණවීම සහ ආශිර්වාද කිරීම සඳහා ඩේමියන් ප්‍රනාන්දු සහ රෂ්මි ප්‍රනාන්දු යන පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේවමෙහෙයක් මෙහිදී පවත්වන ලදී.
මෙම සැමරුම් වැඩසටහන කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා කතෝලික සංගමය විසින් සංවිධානය කර තිබුණි. ප්‍රහාරයෙන් වසර හතක් ගතවන අවස්ථාවේදීත්, වින්දිතයන්ට යුක්තිය ඉටුවන තෙක් ඔවුන් සිහිකිරීම මෙවැනි සැමරුම්වල ප්‍රධාන අරමුණ වී ඇත.














