ඉරානයට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක ඉවත් කිරීම පිළිබඳ තීරණයක් ගැනීමට තවමත් සුදුසු කාලය එළඹ නොමැති බව යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් (Ursula von der Leyen) ප්‍රකාශ කළාය.
ජර්මනියේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (CDU) සහ ක්‍රිස්තියානි සමාජ සංගමයේ (CSU) ඒකාබද්ධ සමුළුව අමතමින් ඇය අවධාරණය කළේ, වත්මන් දේශපාලන වාතාවරණය තුළ ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් කිරීම “අකාලයේ ගන්නා තීරණයක්” වන බවයි.
ඉරානයේ වත්මන් ක්‍රියාකලාපය සහ කලාපීය මැදිහත්වීම් පිළිබඳව යුරෝපා සංගමය දැඩි අවධානයෙන් පසුවන බව සභාපතිනිය මෙහිදී සිහිපත් කළාය. ඉරානයේ ප්‍රතිපත්තිමය වශයෙන් මූලික වෙනසක් සිදුවන බව තහවුරු වන තෙක් පනවා ඇති සම්බාධක එලෙසම බලාත්මකව පවතිනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉරානයට එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර පීඩනය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව පැහැදිලි වේ.











