බළපිටිය සහ හලාවත මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු අවසන් වූ හෙරෝයින්, කේරළ ගංජා ඇතුළු විශාල මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පොලිස් දහන උදුනේදී අද (27) දවා විනාශ කරන ලදී.
බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට අදාළව:
හෙරෝයින් කිලෝ 22යි ග්‍රෑම් 888ක්
කේරළ ගංජා කිලෝ 33යි ග්‍රෑම් 17ක්
විදේශීය දුම්වැටි 7,200ක්
හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට අදාළව:
ගංජා කිලෝ 247යි ග්‍රෑම් 940ක්
පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දැඩි ආරක්ෂාව යටතේ මෙම මත්ද්‍රව්‍ය තොගය වනාතවිල්ලුව වෙත රැගෙන එන ලදී. බළපිටිය මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය සහ හලාවත මහෙස්ත්‍රාත් හර්ෂ ද සිල්වා මහතා ඉදිරියේදී මෙම විනාශ කිරීමේ කටයුතු සිදු විය.
මෙම අවස්ථාවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සහ අධ්‍යක්ෂ එච්.එන්.සී.පී. හේරත් යන මහත්වරු ද සහභාගී වී සිටියහ.











