කොළඹ 14, ඩූ මැන්ඩල් පාරේ පදිංචිව සිටි 19 හැවිරිදි ශ්‍රී කාන්දන් බාත්තික්කුමාර් නැමැති තරුණයා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මට්ටක්කුලිය පොලිසිය සමත්ව තිබේ. අපරාධය සඳහා යොදාගත් සුඛෝභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 22 වැනිදා මෙම සැකකරුවන් පිරිස මෝටර් රථයකින් පැමිණ තරුණයා පැහැරගෙන ගොස් මට්ටක්කුලිය, කැලණි ගඟේ දෙල්ගහවත්ත හන්දිය අසල ගං ඉවුරට රැගෙන ගොස් තිබේ. එහිදී රෙදි පටියකින් තරුණයාගේ ගෙල සිරකර මරා දමා, පසුව සිරුර කැලණි ගඟේ ගිල්වා සැකකරුවන් පලා ගොස් ඇති බව හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.









