පාදුක්ක ජයන්ති මාවත ප්‍රදේශයේදී ඊයේ (27) සිදුවූ රිය අනතුරකින් 43 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පාදුක්ක දෙස සිට හොරණ දෙසට ධාවනය වූ ලොරි රථයක, මලගල ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන අලෙවි කරමින් තිබූ (චූන් පාන්) ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ පිටුපස රෝදයක් ගැලවී ගොස් රථය මාර්ගයේ පෙරළී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ නුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. රිය අනතුරත් සමඟ ත්‍රිරෝද රථයේ කොටස් සහ වීදුරු කැබලි මාර්ගය පුරා විසිරී ගොස් තිබූ අතර එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද පැවති බව වාර්තා වේ. පාදුක්ක පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැමිණ තදබදය ඉවත් කර රථවාහන පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.














