ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී බදු ආදායම පුළුල් කිරීම, හිඟ බදු අය කර ගැනීම සහ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි. 2026 වසරේ මේ දක්වා ලබා ඇති ප්‍රගතිය ද මෙහිදී අවධානයට ලක් විය.
විශේෂයෙන්ම ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය සහ ඩිජිටල්කරණය පිළිබඳව සාකච්ඡා වූ අතර, ජාතික e-invoicing පද්ධතිය හඳුන්වා දීමේ වැඩසටහන නිශ්චිත කාලරාමුවක් තුළ අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නිශාන්ත ජයවීර සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















