විදෙස්ගතව සැඟව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන “හෝමාගම ගගන” නැමැත්තාගේ වෙඩික්කරු ලෙස සැකකරන පුද්ගලයෙකු ගිනි අවියක් ද සමඟින් බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හෝමාගම පිටිපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම පිටිපන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 41 හැවිරිදි කොඩිතුවක්කු කම්කානම්ගෙ ලසන්ත හෙවත් ‘අංජු’ නැමැත්තෙකි.
ඔහු සන්තකයේ තිබී ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 5ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු පසුගිය කාලසීමාව තුළ හෝමාගම, පාදුක්ක, හංවැල්ල, මීගොඩ, කොස්ගම සහ නවගමුව යන ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් රැසකට සම්බන්ධ බවට සැක කෙරේ.
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














