අස්වැසුම සුබසාධක ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීම සහ එම ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (28) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ ක්‍රමවේදය තුළ ඇති නිර්ණායක සංශෝධනය කිරීම සහ එම කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
අදාළ පනත සංශෝධනය කිරීම වැනි දිගුකාලීන විසඳුම් මෙන්ම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ගත හැකි කෙටි කාලීන ක්‍රියාමාර්ග ද මෙහිදී හඳුනා ගැනුණි.
ග්‍රාම නිලධාරීන් මෙම ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී කරවා ගැනීම, පවතින පුරප්පාඩු පිරවීම සහ ගෙවීම් ක්‍රමවේදවල පවතින ගැටලු නිරාකරණය කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන් ඇතුළු සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.














