එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය වන OPEC සහ OPEC+ සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඊයේ (28) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම තීරණය එළැඹෙන මැයි පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තා වේ.
තම රටේ දිගුකාලීන උපායමාර්ගික සහ ආර්ථික දැක්ම මෙන්ම, දේශීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගත් බව එමීර් රාජ්‍යය පවසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය 1967 වසරේදී ඔපෙක් සංවිධානය සමඟ එක් වූ අතර, දශක පහකට වැඩි කාලයක් ලෝක තෙල් වෙළෙඳපොළේ ස්ථාවරත්වය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළේය. එහෙත් නව ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා නිෂ්පාදන සීමාවන්ගෙන් බැහැරව ස්වාධීන තීරණ ගැනීමට මෙම ඉවත් වීම උපකාරී වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.
ලෝක තෙල් වෙළෙඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු මෙලෙස ඉවත් වීම ඉදිරියේදී ගෝලීය තෙල් මිල කෙරෙහි ද බලපෑමක් ඇති කළ හැකි බව ආර්ථික විශේෂඥයෝ අනුමාන කරති.














