පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් ඉන්ධන පිරිමැසීමේ අරමුණින් මෙවර මැයි දින රැළි දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ පිළිබඳව අදහස් දක්වමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ඒ අනුව දිස්ත්‍රික්ක මට්ටමින් මැයි රැළි 21ක් සංවිධානය කර ඇති බවයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේය.













