ජාවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක නවාතැන්ගෙන සිටි තරුණියන් දෙදෙනෙකු නානකාමරය තුළ ස්නානය කරමින් සිටියදී, එය රහසිගතව වීඩියෝ කළ බව කියන ජනප්‍රිය ක්‍රීඩාවකට සම්බන්ධ ක්‍රීඩකයින් දෙදෙනෙකු නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ තරුණියන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පැවැති පුහුණු සැසියකට සහභාගී වීම සඳහා පැමිණ මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇත. එම අවස්ථාවේදීම මෙරට ජනප්‍රිය ක්‍රීඩාවකට සම්බන්ධ ක්‍රීඩකයින් පිරිසක් ද සිය පුහුණුවීම් කටයුතු සඳහා මෙම හෝටලයේම නවාතැන් ගෙන සිට ඇති බව වාර්තා වේ. පොලිස් පරීක්ෂණවලට අනුව, තරුණියන් දෙදෙනා ස්නානය කරමින් සිටි අවස්ථාවේදී සැකකාර ක්‍රීඩකයින් දෙදෙනා හොර රහසේ ඔවුන්ගේ දර්ශන වීඩියෝ කර ඇත. මෙය දුටු තරුණියන් වහාම ක්‍රියාත්මක වී ඒ පිළිබඳව නාරාහේන්පිට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ලැබුණු පැමිණිල්ල මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකාර ක්‍රීඩකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














