ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කරන කාලසීමාව තුළ එහි කටයුතු පවත්වාගෙන යාම සඳහා නුවරඑළිය ළමා පුස්තකාල ගොඩනැගිල්ල තෝරා ගැනීමට එරෙහිව ප්‍රදේශවාසීන් සහ පාඨක සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මධ්‍යම පළාතේ හොඳම ළමා පුස්තකාලය ලෙස ඇගයීමට ලක්ව ඇති මෙම ස්ථානයෙන් පොත්පත් ඉවත් කිරීම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කිරීමක් බව නුවරඑළිය පුස්තකාල පාඨක සමාජය පෙන්වා දෙයි.
නගරය තුළ වෙනත් පොදු ගොඩනැගිලි පවතිද්දී පුස්තකාලයම තෝරා ගැනීම පිටුපස දේශපාලන වුවමනාවන් ඇති බවට චෝදනා කරන පාඨක සමාජය, දැනට පුස්තකාලයේ පොත්පත් ගබඩා කර ඇත්තේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් අනාරක්ෂිත බවට රතු නිවේදන නිකුත් කළ ගොඩනැගිල්ලක බව ද අනාවරණය කරයි. මෙම තීරණය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම ජීවිත ද අවදානමකට ලක්ව ඇති බවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.














