මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් අද (29) සමත් විය. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී රිකෙල්ටන් පන්දු 44කින් ශතකය සම්පූර්ණ කරමින් මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවීය.
මෙය මීට වසර 18කට පෙර, එනම් 2008 වසරේදී ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පන්දු 45කින් ශතකයක් රැස්කරමින් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමකි. මීට අමතරව, මෙම තරගාවලියේදීම පන්දු 44කින් ශතකය වාර්තා කර තිබූ තිලක් වර්මාගේ වාර්තාවද රිකෙල්ටන් විසින් අභිබවා ගියේය. රිකෙල්ටන්ගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී තම ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 243ක් රැස්කර ගැනීමට සමත් විය.














