භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න ප්‍රකාශ කළාය. ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහු කැඳවා තිබූ අතර, හෙට (30) දින ඊට සහභාගී විය නොහැකි බව දන්වා තිබුණේ එම සිද්ධිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බැවිනි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පෙර මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සුදුසු නොවන බවත්, එම ප්‍රකාශයෙන් පසුව භාණ්ඩාගාර ලේකම්වරයා කමිටුව හමුවේ පෙනී සිටිනු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරිය මෙම පැහැදිලි කිරීම සිදු කළාය.














