පසුගිය 2025 වසර තුළ ඉන්දියාවේ සිදුවූ ඩිජිටල් මූල්‍ය වංචා හේතුවෙන් එරට වැසියන්ට අමෙරිකානු ඩොලර් බිලියන 25ක දැවැන්ත මුදලක් අහිමි වී ඇති බව විදෙස් වාර්තා මගින් අනාවරණය වේ. මෙය 2021 වසර හා සැසඳීමේදී 4,300% ක අතිමහත් වර්ධනයක් වන අතර, පුද්ගලයින් මිලියන 2.5ක් පමණ මෙම වංචනික ක්‍රියාවලට සෘජුවම ගොදුරු වී ඇත. විශේෂයෙන්ම රජයේ නිල වෙබ් අඩවිවලට සමාන ව්‍යාජ සබැඳි (Phishing links) කෙටි පණිවිඩ හරහා යොමු කරමින් රථවාහන දඩ මුදල් වැනි අත්‍යවශ්‍ය ගෙවීම් සිදු කරන ලෙස දන්වා බැංකු ගිණුම්වල ඇති මුදල් සොරාගැනීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු වේ.
වංචාකරුවන් විසින් පුද්ගලයන් මනෝවිද්‍යාත්මකව බියට පත් කිරීම හෝ හදිසි තත්ත්වයක් මවා පෑම හරහා සිදු කරනු ලබන මෙම මූල්‍ය අපරාධ පාලනය කිරීම සඳහා ඉන්දීය මහ බැංකුව (RBI) මේ වන විට නව නීති රීති මාලාවක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී. කෙසේ වෙතත්, වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ගනුදෙනු පද්ධතිය තුළ නීතිමය පියවරවලට අමතරව පාරිභෝගිකයාගේ අවධානය සහ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම වංචා වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.














