ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගමය) විසින් අධිවේගී මාර්ගවල ධාවනය කිරීම සඳහා නවතම සුඛෝපභෝගී බස් රථ 200ක් මිලදී ගැනීමට තීරණය කර ඇත. මගී ජනතාවට වඩාත් ගුණාත්මක සහ පහසු සේවාවක් සැපයීමේ අරමුණින් මෙම බස් රථ මිලදී ගැනීම සඳහා දැනටමත් ලංසු කැඳවීමට කටයුතු කර තිබේ. මෙයට අදාළ පූර්ව ලංසු කැඳවීමේ හමුව අප්‍රේල් 30 වනදා පැවැත්වෙන බව ලංගම නිල වශයෙන් දන්වා සිටියි. මෙම නව වැඩපිළිවෙළ හරහා අධිවේගී මාර්ග පද්ධතිය තුළ ලංගම සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට සහ නවීකරණය කිරීමට අපේක්ෂිතය.














