සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් විසින් 2026 වසරේ පළමු කාර්යුවේ සිය වාර්තාගත මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා වන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් සමාගමේ චිප් අංශයේ ආදායම 49 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.
මෙම අතිවිශාල වර්ධනයත් සමඟ සැම්සුන්ග් සමාගමේ මෙහෙයුම් ලාභය වොන් ට්‍රිලියන 57.2ක් දක්වා ළඟා වී තිබේ. ඉන් වොන් ට්‍රිලියන 53.7ක මුදලක් චිප් අංශයෙන් පමණක් උපයා ඇති අතර එය සමස්ත ලාභයෙන් 94%ක ප්‍රතිශතයකි. සමස්ත ආදායම 69%කින් ඉහළ ගොස් වොන් ට්‍රිලියන 133.9ක් විය.
ඉදිරි වසරවලදී කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන සඳහා මතක චිප් ඉල්ලුම ඉහළ යනු ඇති අතර, 2027 වසර වන විට මෙම සැපයුම් හිඟය තවත් උග්‍ර වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි. එමෙන්ම එන්වීඩියා සමාගමේ Vera Rubin වේදිකාව සඳහා HBM4 චිප් නිෂ්පාදනය සහ අලෙවිය පෙබරවාරි මාසයේ සිට ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත්, සේවකයින්ගේ වැටුප් ගැටලු හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරත වීමේ අවදානමක් පවතින අතර, එයින් සිදුවිය හැකි නිෂ්පාදන අඩාලවීම් පාලනය කිරීමට විශේෂ පියවර ගන්නා බව සමාගම අවධාරණය කරයි.
















