මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි සාමාජිකයින් විසින් පාලනය කරනු ලැබූ අමිහිරි සහ බියජනක අතීතයකට රට නැවත ගෙන යාමට වත්මන් රජය කිසිසේත්ම ඉඩ නොතබන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අවධාරණය කරයි.
අද පැවැති විශේෂ හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලිකම වගකීමක් වන බවයි. පසුගිය පාලන සමයන්හි පවතින දුර්වලතා හමුවේ හිස ඔසවා තිබූ මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ආරක්ෂක අංශ වෙත පූර්ණ බලතල සහ අවශ්‍ය පහසුකම් ලබා දී ඇති බව ද ඔහු මෙහිදී පැහැදිලි කළේය.
නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ සාමකාමී සමාජයක් ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහය වන ලෙස අමාත්‍යවරයා මෙහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර, අපරාධකරුවන්ට එරෙහිව කිසිදු තරාතිරමක් නොබලා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවට ද සහතික විය.













