ජාත්‍යන්තර මැයි දිනය සැමරීම වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැළිය පැවැත්වෙන කොළඹ පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනය නිරීක්ෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) කටයුතු කළේය.
එහිදී මැයි රැළියේ ප්‍රධාන වේදිකාව සකස් කිරීම ඇතුළු සංවිධාන කටයුතු පිළිබඳව විපක්ෂ නායකවරයාගේ විශේෂ අවධානය යොමු විය. මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, එස්. එම්. මරික්කාර් සහ මුජිබර් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කොළඹ දිස්ත්‍රික් දේශපාලනඥයන් පිරිසක් සහභාගී වී සිටියහ.
‘පච මදිවට හොරු එළවන විපක්ෂයේ මැයි රැලිය’ තේමාව යටතේ පැවැත්වෙන මෙම රැළිය හෙට (01) පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.














