හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස උගන්ඩාවේ සැඟවූ බව කියන ධනය නැවත මෙරටට ගෙන එන්නේ කවදාදැයි නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අදහස් දක්වා තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයට දිනකට පෙර නිල්වලා ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 04ක් නිදහස් කර ඇති බවත් එවැනි ව්‍යාපෘතියක් අදටත් ක්‍රියාත්මක නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය. එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ද ඔහු එහිදී විවේචන එල්ල කළේය.
රටට අහිමි වූ මුදල් පවරා ගැනීමේ වගකීම ආණ්ඩුව අතහැර නොමැති බව ඔහු අවධාරණය කළේය. උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි ධනය නැවත පවරා ගැනීමට අදාළ නීති බලාත්මක බැවින් එම නීති ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳව කලබලයක් නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














