හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පවතින බාධාවන් හේතුවෙන් ගෝලීය ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි. හෝමුස් සන්ධියේ පනවා ඇති සීමාවන් අද දින ඉවත් කළද, බිඳවැටී ඇති ලෝක සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත්වීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හේතුවෙන් ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වී ඇති අතර, ලොව පුරා භාණ්ඩ හා සේවා මිල ගණන් දීර්ඝ කාලයක් පුරා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට මහලේකම්වරයා වැඩිදුරටත් අනතුරු අඟවයි.














