වල්පොල පොලිස් වසමේ, මීතොටමුල්ල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2026 අප්‍රේල් 30 වන දින මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වල්පොල පොලිසිය විසින් සිදු කරයි.














