ග්‍රවුන්ඩ්වර්ත් (පෞද්ගලික) සමාගම විසින් හෝමාගම ප්‍රදේශයේ සිය නවතම ඉඩම් සංවර්ධන ව්‍යාපෘතිය වන ‘ලෙගාඩෝ’ (Legado) පසුගියදා එළිදක්වන ලදී. බස්නාහිර මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ශීඝ්‍රයෙන් සංවර්ධනය වන හෝමාගම ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම් ව්‍යාපෘතිය, ආයෝජනයක් ලෙස හෝ පදිංචිය සඳහා ඉඩමක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට කදිම අවස්ථාවකි.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉතා සීමිත වටිනා ඉඩම් කොටස් 08ක් පමණක් පිරිනැමෙන අතර, සෑම කොටසක්ම පර්චස් 10ක ඉඩකඩකින් සමන්විත වේ. ගැනුම්කරුවන්ට උපරිම ආරක්ෂාව සහ විශ්වාසය ලබා දෙමින්, සියලුම ඉඩම් සඳහා පළමු පන්තියේ ‘බිම්සවිය’ ඔප්පු ලබා දීම මෙම ව්‍යාපෘතියේ ඇති විශේෂත්වයකි.
පර්චසයක් රුපියල් මිලියන 1.2ක වැනි මූලික මිලක සිට ආරම්භ වන මෙම ඉඩම් කොටස්, අනාගතයේදී ඉහළ අගයක් ලැබිය හැකි ආයෝජන කලාපයක පිහිටා තිබීම විශේෂත්වයකි. ඉඩම යනු හුදෙක් ගනුදෙනුවක් පමණක් නොව, එය දිගුකාලීන මූල්‍ය සහ චිත්තවේගීය වටිනාකමක් ඇති වත්කමක් බව ග්‍රවුන්ඩ්වර්ත් සම-නිර්මාතෘ කසුන් අන්ද්‍රාහන්නදි මහතා පවසයි. හෝමාගම ප්‍රදේශයේ උසස් පදිංචියක් හෝ ස්ථාවර ආයෝජනයක් අපේක්ෂා කරන අයට ‘ලෙගාඩෝ’ හරහා ලැබෙන්නේ සුවිශේෂී අවස්ථාවකි.














