දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැටඹේගම සහ දොඩම්ගොඩ අතර කිලෝමීටර් 17 – 19 සහ 28 – 30 යන කොටස් දෙකෙහි මාතර දෙසට දිවෙන මංතීරුවේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව අධිවේගී මාර්ග කොට්ඨාසය දැනුම් දෙයි. අද දින (2026.05.01) සිදුකරන මෙම අලුත්වැඩියා කටයුතු නිසාවෙන්, අදාළ කොටස් දෙකෙහි කොළඹ දෙසට ඇති මංතීරු දෙක, දෙපසටම ගමන් කළ හැකි පරිදි සකසා රථවාහන ධාවනයට අවශ්‍ය කටයුතු සලසා ඇත.
මෙම අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අදාළ ස්ථාන ආසන්නයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවත්, අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවත් පොලිසිය පෙන්වා දෙයි. එම නිසා, එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් වඩාත් සැලකිලිමත් වන ලෙසත්, රථවාහන සංඥා සහ පොලිස් උපදෙස් අනුව රිය ධාවනය කරන ලෙසත් රියදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














