අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම හමුදා ඉවත් කරගැනීමට තර්ජනය කරන යුරෝපා රටවල් ලැයිස්තුවට ඉතාලිය සහ ස්පාඤ්ඤය ද අලුතින් එක්ව තිබේ. ඉරානය තුළ අමෙරිකාව ගෙන යන යුද ව්‍යාපාරය මෙම රටවල් දෙක විසින් විවේචනය කිරීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත.
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් සඳහන් කළේ ඉතාලිය තමන්ට කිසිදු සහයෝගයක් ලබාදී නොමැති බවත් ස්පාඤ්ඤය ඉතා නරක ලෙස හැසිරී ඇති බවත්ය. එබැවින් එම රටවලින් අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඔහු අවධාරණය කළේය. ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවල් දෙකම මැදපෙරදිග අමෙරිකානු යුද ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කර ඇති අතර එම ගැටුම්වලට එක්වීම ද ප්‍රතික්ෂේප කර තිබේ.
ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි මීට පෙර ට්‍රම්ප්ගේ සමීප හිතවතියක් ලෙස සැලකුණ ද රෝමය යුද්ධයට එක්වීමට අකමැති වීම නිසා දෙපාර්ශවය අතර සබඳතා දැඩි ලෙස පළුදු වී ඇති බව වාර්තා වේ. මෙලෝනි මහත්මියට “ධෛර්යයක් නොමැති” බව පවසමින් ට්‍රම්ප් ඇයව විවේචනය කර ඇති අතර ලියෝ පාප්වහන්සේ සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශ ඇය විවේචනය කිරීම පිළිබඳව ද ඔහු සිය අසතුට පළ කර ඇත.














