නීතිමය ගිවිසුම් සමාලෝචනය සහ සාකච්ඡා කිරීමේදී ඇතිවන පුනරාවර්තන කාර්යයන් හැසිරවීම සඳහා Microsoft සමාගම ‘Legal Agent’ නමැති නව AI නියෝජිතයෙකු හඳුන්වා දී ඇත. අප්‍රේල් 30 වන දින නිල වශයෙන් නිවේදනය කරන ලද මෙම මෙවලම මඟින් නීති වෘත්තිකයන්ට වඩාත් වැදගත් තීරණ ගැනීම් කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාව සැලසෙයි.
සම්පූර්ණ ගිවිසුම් විශ්ලේෂණය කිරීම, නිශ්චිත වගන්ති (clauses) සවිස්තරාත්මකව පරීක්ෂා කිරීම සහ ලේඛන සංස්කරණවල වෙනස්කම් සැසඳීම මෙයට සිදු කළ හැකිය. මෙහි ඇති ‘Redlining’ එන්ජිම මඟින් Word ලේඛනයක හැඩතල ගැන්වීම්, වගු සහ සංශෝධන ඉතිහාසය නොවෙනස්ව තබා ගනිමින් අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට සහාය වේ. එසේම මෙහි ලබා දෙන සියලු නිර්දේශ සඳහා මුල් ලේඛනයේ මූලාශ්‍ර උපුටා දැක්වීම් (citations) ඇතුළත් කර ඇති බැවින් පරිශීලකයාට ඒවා වහාම තහවුරු කර ගත හැකිය.
සාමාන්‍ය AI මාදිලි මෙන් නොව, මෙය නීතිමය භාවිතයන්ට අනුකූලව සකස් කරන ලද ව්‍යුහගත කාර්ය ප්‍රවාහයක් අනුගමනය කරයි. සංකීර්ණ ගිවිසුම් හැසිරවීමේදී විශ්වසනීයත්වය වැඩි කිරීම සඳහා මෙහිදී ‘Deterministic processing’ ක්‍රමවේදයක් භාවිතා කර ඇති අතර, එමඟින් ප්‍රතිචාර කාලය සහ පිරිවැය ද අඩු වේ.
‘Legal Agent’ දැනට ඇමරිකා එක්සත් ජනපදය තුළ Windows desktop Word Frontier වැඩසටහන හරහා ලබා ගත හැකිය. මෙය Copilot dropdown මෙනුවෙන් සෘජුවම ලබා ගත හැකි අතර ඒ සඳහා වෙනම ස්ථාපනයන් අවශ්‍ය නොවේ.














