එළැඹෙන වෙසක් පොහොය දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු එළැඹෙන සඳුදා (4) දින සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු යොදා තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, දිවයින පුරා පිහිටි නිලධාරී කාර්යාල මට්ටමින් මෙම ලියාපදිංචි කිරීම් සිදු කරන බවයි. දන්සැල් පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර, ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් තොරතුරු ලබා ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, ඊයේ (1) යෙදී තිබූ අධි වෙසක් පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා ලියාපදිංචි කරන ලද දන්සැල් 382ක් පැවති බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අනුශාසනා මත මෙවර වෙසක් පොහොය දිනය ලෙස මැයි 30 වැනිදා නම් කිරීමට රජය පියවර ගෙන තිබේ.














