• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළඟදීම විශේෂ කෙනෙක් ඇතුළට යාවි ජනාධිපති අනුර මැයි රැලියේදී පවසයි

2 May 2026
in දේශීය, පුවත්
ළඟදීම විශේෂ කෙනෙක්  ඇතුළට යාවි ජනාධිපති අනුර  මැයි රැලියේදී පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ජනබලවේගය විසින් නුවරඑළිය සහ මහරගම ප්‍රදේශවල සංවිධානය කර තිබූ මැයි දින රැලියන් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ 2026 වසර යනු දූෂිතයන්ට සහ වංචනිකයන්ට සිරදඬුවම් නියම වන වසරක් බවයි. මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ශක්තිමත් කර ඇති බව ඔහු මෙහිදී පැවසීය.
හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිවාස පවා අධිකරණ හා අල්ලස් කොමිසමේ කටයුතු සඳහා පවරා දී ඇති අතර මේ මස තුළ පමණක් නඩු දහයක් විභාගයට ගැනෙන බව ජනාධිපතිවරයා හෙළි කළේය. ඉන් එක් නඩුවක තීන්දුව නුදුරේදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත්, පවුල් පසුබිම මත කිසිදු භේදයක් නොසලකා සියලු දෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිලෙහි සුළු වැඩිවීමක් සිදුවිය හැකි වුවද, රජය මේ වන විටත් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් සියයක සහනාධාරයක් ලබා දෙන බව ඔහු පැහැදිලි කළේය. විදුලි බිල ඉහළ දැමීමට සිදුවුවහොත් පාරිභෝගිකයන්ගෙන් සියයට අනූහයකට ඉන් බලපෑමක් නොවන පරිදි සහන සැලසීමට රුපියල් කෝටි එක්දහස් පන්සියයක් වෙන් කර ඇති අතර, තම පාලන කාලය තුළ විදුලි ගාස්තු තුනෙන් එකකින් අඩු කරන බවද ඔහු යළි තහවුරු කළේය.
වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ලබාදෙන මුදල රුපියල් ලක්ෂ දහසයක සිට ලක්ෂ විසිපහ දක්වා ඉහළ නංවා ඇති අතර ඉඩම් අයිතිය ලබාදීමටද රජය මැදිහත් වෙයි. තවද, දෙමළ මාධ්‍ය විද්‍යාපීඨවල පවතින සියලුම ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇති බවද ජනාධිපතිවරයා නුවරඑළිය රැලියේදී ප්‍රකාශ කළේය.
Post Views: 1
Previous Post

වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට

Next Post

රාගල තේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

Editor TTV News

Editor TTV News

Next Post
රාගල  තේ කර්මාන්ත ශාලාවක  හදිසි ගින්නක්

රාගල තේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

2 May 2026
හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

2 May 2026
පීටර් කේ ගේ ප්‍රසංගය  බෝම්බ තර්ජනයකින් පසු  යළිත් පැවැත්වේ

පීටර් කේ ගේ ප්‍රසංගය බෝම්බ තර්ජනයකින් පසු යළිත් පැවැත්වේ

2 May 2026
ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව  එක්සත් ජාතීන්ගේ  ආහාර හා කෘෂිකර්ම සංවිධානය  අනතුරු අඟවයි

ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවයි

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

ජනපති අනුර මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ

2 May 2026
හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

හැකර්වරුන්ට පිදු සල්ලි නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම අවුලක

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved