2026 මැයි 01 වන දින රාත්‍රී කාලයේ ඉලවාලි, පන්ඩතිරිප්පු ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බවට ඉලවාලි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මියගිය කාන්තාවගේ සොහොයුරෙකු විසින් ඇයගේ සුවදුක් බැලීම සඳහා දුරකථන ඇමතුම් ලබා දී ඇති නමුත්, ඇයගෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් නිවසට පැමිණ පරීක්ෂා කර බැලීමේදී ඇය මියගොස් සිටිනු දැක ඒ බව පොලිසියට දැනුම් දී ඇත.
දැනට සිදුකරන ලද මූලික විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත, මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා අදාළ රෝහල් ස්ථානයක පොලිස් ආරක්ෂාව යටතේ තැන්පත් කර ඇත. ඉලවාලි පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














