2026 වසරේ ශ්‍රී සම්බුදු තෙමඟුල සැමරෙන රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි මෙවර නිල වෙසක් පුර පසළොස්වක පොහොය දිනය 2026 මැයි මස 30 වැනි දිනට යෙදී ඇත.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ව 2026 මැයි මස 27 වැනි දින සිට ජුනි මස 02 වැනි දින දක්වා කාලය ‘රාජ්‍ය වෙසක් සතිය’ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
වෙසක් උත්සවය සැමරීමේදී බුදු දහමට සහ සිරිත් විරිත්වලට නොගැළපෙන සැරසිලි හා අංග ඇතුළත් කිරීම වැළැක්වීමේ අරමුණින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව මහජනතාවට හා ආයතනවලට තම වෙසක් සැරසිලි ආගමික පසුබිමකට අනුකූලව සිදුකරන ලෙස උපදෙස් දී තිබේ.














