පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවතින උණුසුම් තත්ත්වය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටියේ, ජනතාව මේ පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවයි.
අත්අඩංගුවට ගනු ලබන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් බවත්, එය රටේ යුක්තිය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














