විදුලි බිල ඉහළ දැමීමට සිදුවුවද, රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 96%කට එම මිල වැඩිකිරීමේ බරක් නොපැටවෙන පරිදි, සහනාධාරයක් ලෙස එම බර රජය විසින් දරා ගැනීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාතික ජන බලවේගය විසින් මහරගමදී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර කම්කරු දින ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, 2027 වසර සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක මුදලක් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. “ජන රජයට ජන බලයක්” තේමාවෙන් පැවති මෙම ජන රැළිය සඳහා විශාල ජනතාවක් සහභාගී වී සිටි අතර, මැයි දින පෙළපාලිය දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ වී මහරගම නගරය වෙත ගමන් කළේය.
ප්‍රගතිශීලී ජනතාවගේ දායකත්වයෙන් ගොඩනැගුණු වත්මන් ජනතා ආණ්ඩුව, ඉදිරි වසර ගණනාව තුළ වෙනස් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.














