මැයි දිනය යනු කම්කරු පන්තියේ අරගලය සහ එහි දේශපාලන අනන්‍යතාවය නියෝජනය කරන දිනයක් බවත්, එබැවින් එය සැබෑ කම්කරු සංකේතවලින් සැමරිය යුතු බවත් ලාල් කාන්ත මහතා පවසයි.
මැයි දින සැමරුම සඳහා දෑකැත්ත සහ මිටිය සහිත රතු කොඩිය අනිවාර්ය බව අවධාරණය කරන ඒ මහතා, ඒ සඳහා කොළ පාට වැනි වෙනත් වර්ණවලින් යුත් කොඩි යොදාගෙන මැයි දිනයක් සැමරිය නොහැකි බව ප්‍රකාශ කරයි. කම්කරු ව්‍යාපාරයේ පරමාර්ථ සහ එහි ඉතිහාසය පාවා නොදෙන සැබෑ විප්ලවීය ආත්මයක් සහිතව මැයි දිනය සැමරිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.














