ජාතික ජන බලවේගය (මාලිමාව) යනු ජනතාවගේ සැබෑ හදගැස්ම සහ හැඟීම් මැනවින් හඳුනාගත් පාලනයක් බැවින්, මෙවැනි ජනතාවාදී ආණ්ඩුවකට බාහිර උපදේශකයන්ගේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙරට දේශපාලන ඉතිහාසයේ ජනතාව සමඟ මෙතරම් බද්ධ වූ වෙනත් ආණ්ඩුවක් නොමැති බව පෙන්වා දෙන ඒ මහතා, වත්මන් රජය ක්‍රියා කරන්නේ ජනතාවගේ හුස්ම දැනෙන සහ ඔවුන්ගේ අවශ්‍යතා ප්‍රායෝගිකව තේරුම් ගන්නා ආකාරයකට බව අවධාරණය කරයි. ලෝකයේ වෙනත් කොහේවත් දක්නට නොලැබෙන අයුරින් ජනතා අභිලාෂයන් පෙරදැරි කරගෙන ක්‍රියා කරන මෙම පාලනය, බාහිර උපදෙස් මත නොව ජනතා කැමැත්ත සහ පොදු යහපත මත පදනම්ව තීන්දු තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














