ඉන්දියාව සිය ගුවන් හමුදා බලය ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියාවේ නිෂ්පාදිත R-37M වර්ගයේ දිගු දුර මිසයිල විශාල තොගයක් මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 1.2ක් වටිනා ගිවිසුමකට අත්සන් තබා ඇත.
මෙම ගිවිසුම යටතේ රුසියාවෙන් මිසයිල 300ක් පමණ ලබා ගැනීමට නියමිත අතර ඒවායේ බෙදාහැරීම් ඉදිරි මාස 12-18 ඇතුළත ආරම්භ වනු ඇත. මෙම මිසයිල ඉන්දියාවේ ප්‍රධාන ප්‍රහාරක යානා වන Su-30MKI ජෙට් යානා සඳහා භාවිත කිරීමට නියමිතය.ප්‍රංශයෙන් Rafale ජෙට් යානා 114ක් මිලදී ගැනීමට තිබූ සැලසුම ඉන්දියාව විසින් අවලංගු කිරීමට ඉඩ ඇති බවට වාර්තා පළ වේ. ඉන්දියාවේ දේශීය Astra Mk1 මිසයිල Rafale යානා පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික රහස් ලබා දීමට ප්‍රංශය ප්‍රතික්ෂේප කිරීම මීට හේතු වී තිබේ. Astra මිසයිල දැනටමත් Su-30MKI යානා යොදා ගනිමින් සාර්ථකව පරීක්ෂා කර ඇත.
ඉන්දීය රජය විසින් ඩොලර් බිලියන 25ක මහා පරිමාණ ආයුධ මිලදී ගැනීමේ පැකේජයක් අනුමත කර ඇති අතර එය හමුදාවේ සියලුම අංශ ආවරණය කරයි. මීට අමතර රුසියානු S-400 මිසයිල පද්ධති, ප්‍රවාහන ගුවන් යානා, නියමු රහිත ප්‍රහාරක යානා (UAVs) සහ Su-30MKI යානාවල එන්ජින් නවීකරණය කිරීම ඇතුළත් වේ.
පාකිස්ථානය සහ චීනය සමඟ පවතින දේශසීමා නොසන්සුන්තා මධ්‍යයේ ඉන්දියාව සිය සන්නද්ධ හමුදා නවීකරණය කිරීමේ ක්‍රියාවලිය මෙලෙස වේගවත් කරමින් සිටී.














