කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ අද (03) සවස් කාලයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ප්‍රබල දියවැල් පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී තිබේ. කළුතර දකුණ පොලිසිය පවසන පරිදි මෙලෙස අතුරුදන් වී ඇත්තේ කටුකුරුන්ද ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
අද සවස 5.30ට පමණ තම දරුවන් සහ ඥාතීන් පිරිසක් සමඟ වෙරළට පැමිණ දිය නාමින් සිටියදී ඔහු මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත. අතුරුදන් වූ පුද්ගලයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














