පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බෙරගල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. අද (03) පස්වරුවේ එම මාර්ගයට විශාල ගසක් කඩාවැටීම හේතුවෙන් වාහන ගමනාගමනය දැඩි ලෙස අඩාල වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට සහ මගීන්ට විමසිලිමත් වන ලෙසත්, හැකි විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් බලධාරීන් දැනුම් දෙයි. මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටින අතර, පවතින වර්ෂා සහිත තත්ත්වය හමුවේ ලිස්සා යාම් සහ පස් කඩාවැටීම් පිළිබඳව ද වැඩිදුරටත් අවධානය යොමු කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.














