කම්කරු දිනය නිමිත්තෙන් සමගි ජන බලවේගය විසින් කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී සංවිධානය කළ මැයි රැලිය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට සිය වාර්තාකරණ කටයුතු සිදු කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
මෙම රැලිය ආවරණය කිරීමට පැමිණෙන ලෙස මාධ්‍ය ආයතන වෙත ආරාධනා කර තිබුණ ද, මාධ්‍යවේදීන් එම ස්ථානයට පැමිණි පසු ඔවුන්ව ආපසු හරවා යැවීමට පියවර ගෙන ඇත. කැමරා හෝ වෙනත් කිසිදු උපකරණයක් රැගෙන රැලිය ආවරණය කිරීමට ඉඩ නොදෙන බවට පවසමින් මෙසේ මාධ්‍යවේදීන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඊට විරෝධය පළ කරමින් ඡායාරූප ශිල්පීන් පිරිසක් විරෝධතාවක ද නිරත වූහ.














