ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ සේවය නිම කර නික්ම යන නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි (Dr. Purna Bahadur Nepali) මහතා අග්‍රාමාත්‍යවරිය හමු වූ අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කළාය. මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එහිදී දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, තානාපතිවරයා සිය ධුර කාලය තුළ සිදු කළ සේවය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් විය.














