ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (03) පස්වරුවේ දිවයිනට පැමිණියේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පිළිගනු ලැබිණි. එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශේෂ උත්තමාචාරයක් ද පිරිනමන ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා අතර නිල හමුව සහ ද්විපාර්ශ්වික සාකච්ඡා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය.
මොහොමඩ් මුයිසු මහතා 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර, මාලදිවයින් – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 61ක් සපිරීම ද මෙයින් සටහන් වේ.














