බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා මහතා ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජනපදයේ සංචාරයක නිරත වීමට සූදානම් වන අතර, එහිදී ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව බ්‍රසීල රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
මෙම හමුව මුලින්ම මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, විවිධ හේතූන් මත එය කල් ගියේය. කෙසේ වෙතත්, දෙරටේ නායකයන් අතර මීට පෙර පැවැති දුරකථන සංවාදයකදී මෙම සංචාරය සඳහා එකඟතාවකට පැමිණ තිබිණි.













