එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ෆුජයිරා තෙල් කර්මාන්ත කලාපයට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් පසු සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
මෙම ප්‍රහාරය “යුක්ති සහගත නොවන” (Unjustified) ක්‍රියාවක් ලෙස ප්‍රසිද්ධියේ හෙළා දුටු සෞදි කුමරු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් තම රටේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික විය. මෙය ගල්ෆ් කලාපීය රටවල් පොදු සතුරෙකුට එරෙහිව යළිත් ඉතා වේගයෙන් ඒකරාශී වන බවට පෙන්නුම් කරන ප්‍රබල සංඥාවකි.
දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉරානය එල්ල කළ මෙම ප්‍රහාරය හරහා කලාපය තුළ තම ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනාට වසර ගණනාවකට පසු වඩාත් විවෘතව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි. මෙම තත්ත්වය මැදපෙරදිග කලාපීය බල තුලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














