අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 09.30ට යළි රැස්වීමට නියමිතව තිබේ. මැයි 8 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පාර්ලිමේන්තු සතිය තුළ වැදගත් පනත් කෙටුම්පත් සහ නියෝග කිහිපයක් පිළිබඳව විවාද කිරීමට සහ අනුමත කර ගැනීමට නියමිතය.
අද දිනයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් 4ක් අනුමත කර ගැනීමට නියමිත අතර, හෙට (06) දිනයේදී බේරාගැනීම, පුනරුත්ථාපනය සහ වස්තු භංගත්ව පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. මීට අමතරව, අනිද්දා (07) දිනයේ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සහ මෝටර් වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමත්, සිකුරාදා (08) පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමත් සිදුකෙරේ.
මේ අතර, පාර්ලිමේන්තු සතියේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (04) රැස් විය. එහිදී භාණ්ඩාගාරයේ මුදල් සොරකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.














